Types of Leather | 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐋𝐞𝐚𝐭𝐡𝐞𝐫 ඇත්තටම 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 ද?

ඔබ ලෙදර් නිෂ්පාදනයක් මිලදී ගන්න ගිය බොහෝ විට දැකලා ඇති Genuine Leather කියලා ලේබල් එකක් තියෙනවා. නමුත් මේවා ඇත්තටම Genuine Leather ද?
ඔව් , මේවා නිෂ්පාදනය කරන්නේ ලෙදර් වලින් තමයි. නමුත් , මීට වඩා ගුණාත්මකබවින් ඉහළ ලෙදර් තිබෙනවා. ලෙදර් නිෂ්පාදනයේ දී පදම් කරනවිට සම් ස්ථර ලෙස වෙන් කරනවා. ඉතින් මේ වෙන් කරන ලද කොටස්වලට ඒවාට ආවේණික වූ ගුණාංග තියෙනවා.ඒ අනුව ලෙදර් වර්ග කිහිපයකට බෙදෙනවා,
02) 𝐓𝐨𝐩 𝐆𝐫𝐚𝐢𝐧 𝐋𝐞𝐚𝐭𝐡𝐞𝐫
03) 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐋𝐞𝐚𝐭𝐡𝐞𝐫𝐅𝐮𝐥𝐥 𝐆𝐫𝐚𝐢𝐧 𝐋𝐞𝐚𝐭𝐡𝐞𝐫
සමෙහි ඉහළ ස්ථරය සහ මැද ස්ථරය එකට අරගෙන තමයි මේ ලෙදර් හදන්නේ. ඉතින් මේ ලෙදර් වලට ඉහළ ගුණාත්මකභාවයක්, ශක්තිමත්බවක් හා හොද කල්පැවැත්මක් තියෙනවා.𝐓𝐨𝐩 𝐆𝐫𝐚𝐢𝐧 𝐋𝐞𝐚𝐭𝐡𝐞𝐫ඉහළම ස්ථරය ඉවත්කර මැද ස්ථරය පමණක් භාවිතාකර සාදන ලද සම් වර්ග මේ ගණයට අයත් වෙනවා. ඒ නිසා Top Grain Leather වලට ඉහළ ගුණාත්මකබවක් සහ සුමට බවක් තියෙනවා.
𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐋𝐞𝐚𝐭𝐡𝐞𝐫මේ සම් වර්ගය නිෂ්පාදනය වන්නේ පහලම ස්ථරයෙන්. මේවා නැවත සකස් කරලා තමයි වෙලදපලට බෙදාහරින්නේ.මෙහිදී සමෙහි මතුපිට ස්තරයේ පෙනුම නැවත ලබා දෙන්න සම් පදම් කරන අවස්තාවේ පුළුවන් වෙනවා. මිල තරමක් අඩු නිසා මේ ලෙදර් වර්ගය බොහෝ නිෂ්පාදන සදහා යොදාගැනෙනවා..
ඉතින් ඔයා ගන්න ලෙදර් හයිඩ් එකක හෝ නිෂ්පාදනයක Genuine Leather කියලා තිබුනාට ඒවායේ ගුණාත්මකබව, කල් පැවැත්ම වෙනස් වෙන්න පුළුවන්.නමුත් එහෙම සදහන් කරලා තිබුනොත් ඒවා නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇත්තම සම් වලින් තමයි.ඔබ ඒ පිලිබදව දැනගෙන නිෂ්පාදන මිලදී ගන්න සැලකිලිමත් වෙන්න ඕනේ.
