Leather Industry Insights

Sri Lankan Leather Industry | ශ්‍රි ලංකාවේ ලෙදර් කර්මාන්තයේ ඉතිහාසය කෙටියෙන්..

ලෙදර් එහෙම නැත්නම් සම් ,සත්ව සම් විශේෂිත පදම් කිරීමකින් පසුව තමයි ලෙද​ර් නිෂ්පාදනය කරන්නෙ. ඉතින් ලංකාවේ ලෙදර් කර්මාන්තයට අවුරුදු 100 කට වැඩි ඉතිහාසයක් තියෙනවා. නමුත් මේ කර්මාන්තය වාණිජකරණය වෙන්න පටන්ගන්නෙ දෙවන ලෝක යුධ සමයේ ඉදන්. හමුදාවන්ට අවශ්‍ය උපකරණ ,ඇදුම් හදන්න තමයි ලෙදර් යොදාගෙන තියෙන්නෙ, ඒ ලෙදර් වල තියෙන විශේෂ ගුණ නිසා තමයි මේ නිෂ්පාදන සදහා යොදාගැනුනෙ.මොනවද මේ විශේෂිත ගුණ ?

ලෙදර් ඉතාමත් ශක්තිමත් ඒ වගේම කල්පැවැත්මෙනුත් ඉතාමත් ඉහලයි. අධික තාපයටත් ඔරොත්තු දෙනවා වගේම ජලයටත් හොදට ඔරොත්තු දෙනවා.ජලය වාෂ්ප වෙලා ගියත් හැඩය වෙනස් නොවීම පවතිනව. ඉතින් සපත්තු , බෙල්ට් වලට මේ විශේෂිත ගුණ තියෙන එක ගොඩක් වටිනවා.

වාණිජකරණය වුන මුල් කාලයේදී රජය මගින් මෙම කර්මාන්ත පවත්වාගෙන ගියත් වර්ෂ 1960න් පසුව පෞද්ගලික ආයතනත් මෙම කර්මාන්තයට අවතීර්ණ වුනා. පසුව ලංකාවේ සම් පදම් කරන කර්මාන්තශාලා එහෙම නැත්නම් ටෑනරි 14 ක් ආරම්භ වුන අතර, 100% ස්වාභාවික ක්‍රම මගින් සම් පදම් කරන කර්මාන්තශාලාත්, රසායනික ක්‍රම මගින් සම් පදම් කරන කර්මාන්තශාලාත් මේ අතර වුනා. නමුත් පාරිසරික හා සමාජීය බලපෑම් නිසා අද වන විට ඉතිරිව ඇත්තේ රසායනික ක්‍රම මගින් සම් පදම් කරන කර්මාන්තශාලා කිහිපයක් පමණයි.

ලෙද‍ර් ගැන දැනගන්න ආස අයට , ව්‍යවසායකයින්ට , දැනුම හොයන අයට දිගටම මේවගේ ලිපි පලකරන්න අපි බලාපොරොත්තු වෙනවා.එකතුවෙන්න අපිත් එක්ක ඉස්සරහට යන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *